අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් අරඹයි. – 15.01.2026

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ දින(14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එහිදී ඇය විසින් ප්‍රකාශ කරන ලද්දේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක් වන...