අලුත් නායකයෙක්, ටෙස්ට් අභියෝගයක් – ශ්‍රී ලංකාවට පාකිස්තානයේදී පෙරළියක් කළ හැකිද?

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම සූදානම මැනගැනීමේ වැදගත් අවස්ථාවක් උදා වී ඇත. ඒ අනුව, නොවැම්බර් 04 සිට 06 දක්වා ඉස්ලාමාබාද්හිදී පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වන්නේ PCB Patron’s XI කණ්ඩායමයි. මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 09 වැනිදා රාවල්පින්ඩිහිදී ආරම්භ...