යෝජිත ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපනයේ ඇති බොහෝ ගැටලු විසදාගත හැක. -අමාත්‍ය අනුර කරුණාතිලක – 02.02.2026

"අනාගතය ඔබයි ඉගෙනගන්න හෙට දිනන්න " අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිතාව කලුතර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ජනවාරි 31 වන දින බණ්ඩාරගම මෛත්‍රීශාලාවේදී පැවැත්වුණු අතර මේ සදහා සහභාගී වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක විසින් පාසල් අධ්‍යාපනය ගැන සමාජයතුළ ඇති අඩු සැලකිල්ල ගැන පෙන්වා දුනි. අප ‍රටේ 10150 කට ආසන්න පාසල්වලින් 50% ක ප්‍රමාණයක දරුවන් ඇත්තේ 200...