ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට , ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් යානය , එම ක්‍රීඩකයන්ගේ ආත්මාභිමානය වර්ධනය කිරීම සදහා , එම ගුවන් යානයෙහි බද කොටස විශේෂ ස්ටිකරයකින් සරසා තිබේ .

Our Champions . Our Pride . යන්න සහ ශ්‍රී ලාංකික සංකේතය වන සිංහයා ත් , ඊට පහළින් sri lanka සහ ඔලිම්පික් ලාංජනයත් එහි සංකේතවත් කර තිබේ . මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 – 300 වර්ගයේ එයා බස් වර්ගයේ ගුවන් යානයක් සූදානම් කර තිබේ . මෙසේ ඔලිම්පික් යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අමතරව , එම තරග ජපානයේ සිට වාර්තා කිරීමට රෑපවාහිනී මාධ්‍යවේදීන් පිරිසක් සහ ශ්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානයෙන් ජපානය බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

ලෝකයේ බොහෝ රටවල් , තම ජාතික ගුවන් සේවයේ ගුවන් යානා මගින් මෙසේ තම ක්‍රීඩකයන් ඔලිම්පික් තරගාවලිය සදහා ජපානය වෙත රැගෙන යන අතර , ඔවුන් දිරි ගැන්වීමට, ඔවුන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමට , මෙන්ම තම ජාතිකාභිමානය ලොවට ප්‍රදර්ශනය කිරීමට මේ ආකාරයට තම ගුවන් යානා වල මෙවැනි වැකි සදහන් කරති .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 455 දරන ගුවන් යානය , 07/19 දින රාත්‍රී 07.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් , මෙම පිරිස රැගෙන ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිටත්ව යෑමට නියමිතය.