ලෝකයේ වසංගතයක් පවතින අවස්ථාවක ගුරුවරුන්ගේ වැටුප් සඳහා සහනයක් ලබාදීමේ හැකියාවක් රටට නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අලුතෙන් බදු පනවීමට හෝ තිබෙන බදු ද ව්‍යාපාර වැසීම හේතුවෙන් ජනතාවට ගෙවීමට නොහැකි වී ඇතිද බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ජනතාවගෙන් බදු ගැනීමට නොහැකි නම් කළ හැකි විකල්පය වන්නේ ණය ගැනීම බවත් මේ වන විට ණය ගැනීමේ උපරිම සීමාවට ණය ලබාගෙන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළට ඇද දමා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.