දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (24) ඔවුන්ව කොළඹ අලුත්කඩේ අංක 02 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.