නිදර්ශන රූපය
ශ්‍රී ලංකා–තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ සාකච්ඡා කර තිබේ. හමුව නොවැම්බර් 23 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
දෙරටේ ව්‍යාපාර සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, සංචාරක කටයුතු සහ සමුද්‍රීය සහයෝගිතාව ගැන එහිදී අවධානය යොමු විය. ආහාර සැකසීම සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම ඇතුළු කෘෂිකාර්මික සහයෝගිතා අවස්ථා ද දෙපාර්ශ්වය සලකා බැලීය.
2027 ජනවාරි මාසයට නියමිත Expo Sri Lanka ප්‍රදර්ශනයට සහභාගි වී ආයෝජන අවස්ථා සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරිය තායි ආයෝජකයන්ට සහ ව්‍යාපාරික නියෝජිතයන්ට ආරාධනා කළාය.





