රජය පාලන මිල ඉවත් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඇත.

පාලන මිල ඉවත් කිරීමත් සමඟ කිරිපිටි මිල ඉහළ නැංවූහ.

ඒ අනුව 400g කිරිපිටි පැකට්ටුවක් රු 100කින්ද, 1Kg කිරිපිටි පැකට්ටුවක් රු 250කින්ද ඉහළ දැමුවා.

400g කිරිපිටි පැකට්ටුවක පෙර පැවති මිල වනුයේ රු 380ක්ය, එහි නව මිල රු 480ක්ය.

කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් පෙර පැවති මිල වනුයේ රු 945කි.එහි නව මිල රු 1 195කි.

එමෙන්ම ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.

ලිට්‍රෝ සමාගම සිය කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ.

එහි පෙර පැවති මිල රු 1483කි. නව මිල වන්නේ රුපියල් 2,750කි.

එම අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි කිරීමත් සමඟ කහට තේ කෝප්පයක් රුපියල් 25 දක්වා ද, කිරි තේ එකක් රුපියල් 60 දක්වාද, බනිස් ගෙඩියක් රුපියල් 50 දක්වාද, රෝස්පාන් එකක් රුපියල් 30 දක්වා සාමාන්‍ය ලෙස වැඩිවනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවති මිල වන්නේ රු 598කි.කිලෝ 2.5 ක සිලින්ඩරයන පැවති මිල වන්නේ රු 289කි.

ඒ අනුව, කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් දක්වාත්, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් දක්වාත් ඉහළ දමා ඇත.

තිරිඟු පිටි හා සිමෙන්ති මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 10කින් ඉහළ දමා ඇත.

සිමෙන්ති කිලෝ 50ක කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව සිමෙන්ති සමාගම් සඳහන් කරනවා.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 ක් ලෙස පැවති අතර මිල වැඩි කිරීමත් සමග නව මිල රුපියල් 1,098 ක් දක්වා ඉහළ යනු ඇති.

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සදහා වෙළදසැලවල් තුළ දිගු පෝළිම් ද පසුගිය දින කිහිපයේ දකිනට ලැබුණි.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බැවින්, ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(10) පැවති මාධ්‍ය හමුවකදීය.