රූපවාහිනී නිවේදකයෙකු වන චමුදිත සමරවික‍්‍රමගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) නිරූපිකාවක් වන පියුමි හංසමාලිගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා.

පසුගිය සතියේ කැඳවීමෙන් පසු ඇය රහස් පොලිසිය හමුවේ පෙනී සිටි බවයි පියුමි හංසමාලි පැවසුවේ.

ඇයට දෙමටගොඩ පොලිසියෙන් ලිපියක් ලැබී ඇති බවත්, ඇයට රහස් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙසත් උපදෙස් දී තිබෙන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පැමිණ ඇය ප්‍රකාශ කරනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ චමුදිත සමරවික‍්‍රම විසින් බව පවසමින් තමා කිසි විටෙකත් කිසිවෙකුට හානියක් නොකරන බවයි එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇය පැවසුවේ.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති උත්සව සංවිධායක චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් කිහිප දෙනෙකු සමඟ පියුමි හංසමාලි නිරෝධායනය කිරීමට මෑතකදී නියෝග කළා.

උසාවියෙන් ඇප ලබා දී තිබියදීත් ඇය සහ අනෙක් අය නිරෝධායනය කිරීමට පොලිසියට උසි ගැන්වූ බවට ඇය පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට සහ නිවේදක චමුදිත සමරවික්‍රමට චෝදනා කළා.