චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වීම නිසා පියුමි හංසමාලි බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා.

එහිදී ඇය වරින් වර ෆේස්බුක් ලයිව් පැමිණ චමුදිත නම් මාධ්‍යවේදියා හට දෝෂාරෝපණය කරන ආකාරයද දැකගැනීමට හැකි වුනා. මෙලෙස නිරෝධායනයේ සිටින පියුමි හංසමාලි නිරෝධායන මධ්‍යස්ථානයේ වහලය මත නැගී සිටින බවට වාර්තා වෙනවා.

ඇය විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ බව දන්වා තිබෙන්නේ ” කම්මැලීනේ ඔක්කොමටම හොරා නැග්ගා වහලයක් උඩට.නිරෝධායනය වෙන ගමන් ” ලෙසයි.

කෙසේ වෙතත් ඇය කෙලෙස මෙම වහලය මතට නැග්ගේද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර ඇය වහලය මත ගනු ලැබූ පින්තූර කිහිපයක් සහ වීඩියෝවක් ෆේස්බුක් ගිණුමේ දක්වා තිබෙනවා