කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (03) දින තහවුරු විය.

අද සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර හෙට දිනයේ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, අමාත්‍යවරයා ඊයේ දින හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට සහභාගී විය.

මීට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද සහභාගී වූ අතර චමුදිත සමරවික්‍රම ඇතුළු නිවේදකයන් තිදෙනෙක්ද සහභාගීව සිටි අතර ඔවුන් කිසිවෙකු සෞඛ්‍ය රෙගුලාසි පිළිපදිමින් මුඛාවරණ පැළඳ සිටින අයුරු දැක ගැනීමට හැකිවූයේ නෑ.