ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත්  මාත්‍රාව ලබාගත් කොළඹ 01  සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (07) සිට ඇරඹේ.

එන්නත්කරණ දිනය හා ස්ථානය SMS මගින් දැනුම් දෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේය