ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට පත් කර තිබෙනවා.

ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් අනූෂ පැල්පිට වෙත ඉකුත් සඳුදා දිනයේදී් යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු එම ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ ඉකුත් 08 වනදායි.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර පත්කර තිබෙනවා.