කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලිපියක් යොමුකර තිබේ.

එම අමාත්‍යාංශයේ පුරප්පාඩු වන තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර ඇත.

එසේම ශ්‍රී වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස, එම කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැලකෙන නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කිරීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.