එළඹෙන සැප්තැම්බර් මාසයේදී වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කිරිමට නියමිත කැළණි ගඟ හරහා අධි තාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකර ඇති නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස ව්‍යාපෘති භාර අධ්‍යක්ෂිකාවට විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උපදෙස් ලබා දී තිබෙනවා.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 0විසින් මෙම උපදෙස් ලබා දෙන ලද්දේ පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී නව කැලණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා පැවති රැස්වීමේදීයි

ඉදිවෙමින් පවතින නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩිකිරීමට ඉවහල් වන බැවින් මෙය සංචාරක ප්‍රවර්ධන අරමුණ පෙරදැරි කරගෙන සංකල්ප හා සැලසුම් නිර්මාණය කල යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.