කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (21) දින තහවුරු කර ඇත.

ඒ අතර කාන්තාවන් 76 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 107දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 136 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම මරණ 183ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.