දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ජනතා අයිතියට පත් කෙරුණි.

අරලියගහ මන්දිරයේ දී මීට සුළු වේලාවකට පෙර අන්තර්ජාලය හරහා එක්වෙමින් එතුමා අන්තර් හුවමාරුව විවෘත කෙරුණි.

එම අවස්ථාව සඳහා කථානායකවරයා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු කිහිපදෙනෙක් එක්ව සිටියේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 130ක් දුරින් හමුවන සැතපුම් කණුව අසල මාතර – හක්මන මාර්ගයේ කොළඹ දිශාවට ප්‍රවිශ්ට වීමට හා පිටවීමට මෙම අන්තර් හුවමාරුව විවෘත කර තිබේ.

අන්තර් හුවමාරුව ඉදිකිරීමට ගතව ඇත්තේ මාස 5ක් වන අතර ඒ සඳහා රුපියල් මිලියන 455ක් වැයකොට ඇත.