ටිල්වීන් සිල්වා

අපි හදාගත්තු මේ මහජන ව්‍යාපාරය ජනතාවට තේරුම් ගන්න බෑ. ඒ නිසා සමහරු හිතනවා ජනතා විමුක්ති පෙරමුණයි, මාලිමාවයි එකම පක්ෂයක් කියලා.

ඒ වගේම ජාතික ජන බලවේගයේ අරමුණක් තියෙනවා, ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගන්න. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඒ ජන කණ්ඩායම්වලට අනන්‍යතාවය වෙන වෙනම තියෙද්දි ශ්‍රී ලාංකීය ජාතිය අපි ගොඩනගන්න අවශ්‍යයි.

ඒ සදහා තමයි අපි ඔක්කොම එකතුවෙලා මාලිමාව හදලා තියෙනවා. ඒ මාලිමාව ඇතුලේ අපි එක එක පක්ෂවල, එක එක සංවිධානවල, අනන්‍යතාවය වෙන වෙනම තියෙනවා. හැබැයි අපි ඔක්කොම එක අරමුණකට එක ඉලක්කයකට වැඩ කරනවා. වට්ටපු රට නැවත ගොඩගැනීමේ ජාතික පුනරුදයක් කරා රට නැවත දෙපයින් සිටවීමේ වගකීම අපි භාරගෙන තියෙනවා.

ටිල්වීන් සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>