ලෝකය අනාගතයේදී මුහුණ දෙන බලශක්ති අර්බුදය සහ ඊට නැනෝ තාක්ෂණය ඔස්සේ ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ, සරේ විශ්ව විද්‍යාලයට අනුබද්ධ උසස් තාක්ෂණික ආයතනයේ මහාචාර්ය රවී. පී සිල්වා මහතා ඊයේ(03) සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලාංකීකයින් වෙත විශේෂ දේශනයක් සිදුකලා.

එම දේශණය 43 සේනාංකයට අනුබද්ධ ඉංජිනේරු එකමුතුව විසින් සංවිධානය කරන ලද අතර හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයෙකු මෙන්ම, පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයෙකුද වූ පා.ම පාඨලී චම්පික රණවක මහතාද මෙම දේශණයට සහභාගී විය.

පසුගිය සමයේදී විවිධ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් බිහිවූ එළිය, වියත්මඟ වැනි සංවිධාන වල මෙන් බල දේශපාලනික කරුණු සාකච්ජා නොකර විශය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ජා කිරීම මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වයකි.

එම දේශණය ඔබට පහතින් නැරඹිය හැක.