දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශ ගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ මහතා , කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා , ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට හේතු වී තිබේ.

ඔහු මෙම සමුළුවට සහභාගී වීම සදහා 10/03 දින රාත්‍රී 08.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සදහා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අනිල් ජාසිංහ මහතා එන්නත් ලබා ගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට , තම නිවස තුළ සොයා බැලුවද ,එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගත වී ඇති බව පැවසීය .

එනිසා මෙම කාඩ්පතේ ජායා පිටපතක් , ජාතික රෝහලේ සිට තම වට්ස් ඇප් ගිණුම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී .

මෙම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු රටක ගුවන් තොටුපළකින් එම රට තුළට  ඇතුළු කර ගැනීම අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ .