මෙරට තුල නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක විම සම්පූර්ණයෙන් අසාර්ථක බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.

රට වසා තිබුණද අත්‍යවශ්‍ය සේවා යැයි පවසමින් මේ වන විටත් පුද්ගලයන් ලක්ෂ 30ක් 40ක් පමණ සේවයේ යොදවා ඇති බැවින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම නතර වීමක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට වසා දැමීම ප්‍රතිඵල රහිත බව පවසමින් යළිත් රට විවෘත කිරීමේ බලාපොරොත්තුව ඇතිව මෙය රජය විසින් සිදු කරන කුමන්ත්‍රණයක් බවත් රත්නප්‍රිය පවසනවා.

පසුගිය 20දා රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන බවට රජය ප්‍රකාශ කර සිටියේ 20වනදා පස්වරුවේදීයි. නිවෙස් වෙත පැමිණ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.