කථාබහක් මතුව ඇති තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් සිදුකර ගෙන යනු ලබන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා. ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්. මෙම ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිඳු අවසරයක් ලබාගෙන නොමැති වීම ඊට හේතුවයි. 

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පැවසුවේ නිසි අවසරයක් ලබා ගන්නා තුරු ව්‍යාපෘතිය අත්හිටවූ බවයි. 

තිස්සමහාරාම වැව යනු ඓතිහාසික වටිනාකමකින් යුත් සුවිශේෂී වැවක් බවයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුවූයේ ඊට එක්ව සිටින චීන ජාතිකයින් හැඳ සිටි ඇඳුම පදනම් කර ගනිමින්. ඒ, ඔවුන් චීන හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ව්‍යාපෘති භූමියේ සිටීමත් සමගයි.