තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුන්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තම කණ්ඩායමක් පිටත් කළ බවයි.