ආන්දෝලනාත්මක තිස්ස වැවේ ව්‍යාපෘතිය නතර කෙරේ

කථාබහක් මතුව ඇති තිස්සමහාරාම වැවේ, චීන - ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් සිදුකර ගෙන යනු ලබන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා. ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්. මෙම ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිඳු අවසරයක් ලබාගෙන නොමැති වීම ඊට හේතුවයි.  පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පැවසුවේ නිසි අවසරයක් ලබා...