දියවැඩියා සහ හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඖෂධ සැපයීමේ කොන්ත්‍රාත් දෙකකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. එම කොන්ත්‍රාත් දෙකේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 5.121කි.

ඉන්සියුලින් එන්නත් කුප්පි මිලියන 2.7ක් සැපයීමට ඉන්දියාවේ එම්. ජේ. බයෝෆාම් සමාගමට ඩොලර් මිලියන 4.293ක කොන්ත්‍රාත්තුවක් අනුමත කර ඇත. එනොක්සැපරින් එන්නත් ඒකක 920,000ක් සැපයීමට චීනයේ ෂෙන්ෂෙන් ටෙක්ඩව් සමාගමට අනුමත කළ කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් 828,000කි.

ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණ ගෙන තිබේ. ඖෂධවල මිල සහ ප්‍රවාහන ගාස්තු කොන්ත්‍රාත් වටිනාකම්වලට ඇතුළත් වේ.