නිදර්ශන රූපය
පුත්තලම මූලික රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්රදානය ලබාගැනීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට ද අනුමැතිය ලබා දී ඇත.
යෝජිත රෝහල් ගොඩනැගිල්ලේ මුල් මහල් තුන ඉදිකිරීම සඳහා මෙම ප්රදානය යොදා ගැනීමට නියමිතය. හදිසි ප්‍රතිකාර සේවාවට අමතරව සායන, කෙටි කාලීන නේවාසික ප්‍රතිකාර, රුධිර බැංකු සහ රෝග විනිශ්චය පහසුකම් ද ව්‍යාපෘතියට ඇතුළත් වේ.

