මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ සාකච්චාවක් පවත්වා තිබිණි.

මෙම හමුව අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.

ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් ඇතුළු ක්‍ෂෙත‍්‍රයට අදාල අනෙකුත් ආයතන ප‍්‍රධානීන්ද මෙන්ම මෙරට විවිධ කර්මාන්තවල නියැලෙන සංගම් නියෝජිතයන්ද එක්ව සිට තිබේ.

කෙසේ වෙතත් ඒ එම හමුව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එක්වී සිටියේ නැත.

විමල් වීරවංශට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ අද දිනය තුළ කොළඹින් බැහැරව සිටින බවය.