ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 170 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 40 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,604 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.