ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 167 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 36 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.