කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පදනම් කර ගත් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් යටතේ SAP සමාගම අවම වශයෙන් රැකියා 10,000ක් කප්පාදු කිරීමට සලකා බලමින් සිටින බව Bloomberg පුවත් සේවය වාර්තා කර ඇති බව Reuters ඇතුළු වාර්තා පෙන්වා දෙයි.
ජර්මනියේ ඉහළම වෙළෙඳපොළ වටිනාකමක් සහිත ව්‍යාපාරික මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන SAP සමාගම යටතේ ලොව පුරා සේවකයන් 113,000ක් පමණ සේවය කරති.
කෙසේ වෙතත්, මෙම සේවක කප්පාදු සැලසුම් සම්බන්ධයෙන් සමාගමේ සේවක නියෝජිත කවුන්සිලය මෙතෙක් දැනුවත් කර නොමැති බව Reuters පුවත් සේවය වාර්තා කර ඇත.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වේගවත් ව්‍යාප්තිය හමුවේ ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරික මෘදුකාංග සමාගම් රැසක් නව අභියෝගවලට මුහුණ දී සිටින පසුබිමක මෙම තොරතුරු අනාවරණ වී තිබේ. ලොව විශාලතම සමාගම් රැසක ගිණුම්කරණ සහ වැටුප් කළමනාකරණ කටයුතු සඳහාද SAP මෘදුකාංග භාවිත කෙරේ.

