ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බද්දක් අය කිරීමට අවධානය යොමුවී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත්, වාණිජ දෙපාර්තමේන්තුවත් පුද්ගලික අංශයේ මේ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබපු අය සමඟ සාකච්ඡා කරමින් විද්‍යුත් වාණිජය වඩාත් විධිමත් වී නීති රාමුවකට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ලොව වෙනත් රටවල පවතින විද්‍යුත් වාණිජ වෙළදාමේ තත්වයන්ද සැළකිල්ලට ගනිමින් මේ සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.