ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නිර්මාණය වන හැඩ පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගෑස් කර්මාන්තයේ සිටින ප්‍රධානතම කර්මාන්ත දෙකෙන් එකක් වන්නේ ලාෆ්ස් ගෑස් සමාගමයි.

මේ පිළිබඳව ඩේලි මිරර් වෙත අදහස් දක්වා ඇති ලාෆස් සමාගමේ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුව මෙන්ම බැංකු මුහුණ දී ඇති විශාල විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත බවයි.

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් මෙන්ම වත්මන් රජයෙන් ඉල්ලීම් කළත් ඒ පිළිබඳව පිළිතුරු නොලැබුණ බව ඔහු පැවැසීය.

සමාගම මේ වන විට රුපියල් බිලියන 5.3 ක අලාභයක් ලබා ඇති බවත් ගෑස් සිලින්ඩරයකින් රුපියල් 750ක පමණ අලාභයක් ලබන බවත් ඔහු සඳහන් කළේය.

මේ අනුව සිය පාරිභෝගියන්ට මෙම අවස්ථාවේදී නොහැකි වී ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.

“මෙය අපේ පාලනයෙන් තොරයි. එය අපේ වරදක් නොවෙයි” යැයි ඔහු ඩේලි මිරර් වෙත පවසා තිබේ.