රුපියල් 1998ක වටිනාකමකින් යුතු සහන මල්ලක් හෙට දිනයේ සිට සති දෙකක කාලයක් ජනතාවට බෙදා හැරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධ මහතා පවසයි.

රුපියල් 2600ක වටිනාකමකින් යුත් භාණ්ඩ 20ක් ඇතුළත් සහන මල්ලක් මෙසේ බෙදා හැරීමට නියමිතය.

1998 අංකය ඇමතීමෙන් මෙම සහන මල්ල නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවක් ඇති බව අමාත්‍යවරයා පවසයි.

දිවයින පුරා සතොස හරහා මෙම සහන මල්ල ලබා ගැනීමේ හැකියාව පවතී.