ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට සම්පූර්ණයෙන් වසා දැමීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා.

මේ වනවිටත් ටික කලකට හෝ සම්පූර්ණයෙන් වසා දමන ලෙසට අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශව ගණනාවකින් රජයට බලපෑම් කරන අතර දිවයිනේ නගර 25කට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් අගුලු දමාගෙන තිබෙනවා.

මේ අතර ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ හෙට දිනයේ දී ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ සූදානමක් ද ඇති බවයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ එම අවස්ථාවේ දී රට වසා දමන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇති බවයි.