පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස් නිලධාරීන්ගේ පිට පැටවීමේ සූදානමක් පවතින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත් ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් අද අස්ගිරි මහනායක හිමියන් බැහැදැක දැනුවත් කිරීමක් සිදු කිරීමට පියවර ගත්තේය.

එහිදී අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් සමග ඔවුන් සුහද කතාබහක නිරත විය..

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර හේරත් කියා සිටියේ 2019 අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ දින රාජකාරි කිරීම හේතුවෙන් එය වරදක් බවට පත්ව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් කියා ගන්න කෙනෙක් නොමැතිව අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් දැනුවත් කර දළඳා වහන්සේට තම කන්නලව්ව කීමට පැමිණි බව සිසිර කුමාර මහතා කියා සිටියේය.