තවත් සති කිහිපයක් යන විට කොරෝනා ආසාදිතයන් මහමග මැරී වැටෙන තත්ත්වයට රට පත්වුණු ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ආණ්ඩුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ගණන් නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වනු ඇතැයි ද එම සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසීය.

කොරෝනා වෛරසය ත්‍රස්තවාදයක් හෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හෝ සතුරු උපද‍්‍රවයක් නොවන නිසා හමුදාවට සියලු වගකීම් පැවරිය නොහැකි බවද ඒ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ගත යුතු බවද ඔහු කියා සිටියේය.

රට පුරා සියලු රෝහල් මේ වන විට කොරෝනා ආසාදිතයින් පිරිහී යමින් ඇති බවත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට දරා ගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු පවසයි.

මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ රටම ටික කාලයකට වසා දැමීම බවත් දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා පැනවීම් ප‍්‍රයෝජනවත් නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.