කොළඹ 11 රන් මධ්‍යස්ථානය අසල දෙවන බහුමහල් රථ ගාලේ ඉදිකිරීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා ආරම්භ කර තිබේ.

අංක 180, අබ්දුල් කාදර් මාවත, කොළඹ 11 රන් මධ්‍යස්ථානය අසල ඉඩමේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ භූමි ප්‍රමාණය රූඩ් 03 යි පර්. 9.25 කි.

ණ්EM සහ ණ්E හවුල්කාරිත්ව සමාගම මගින් සංවර්ධන කටයුතු සිදු කරනු ලබන අතර වසර දෙකක් තුළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළ යුතු අතර බදු කාල සීමාව වසර 30 කි.

බිම් මහල ඇතුළුව මහල් 10 කින් සමන්විතව ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මහල් 6 ක් රථගාල වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි මහල් 4 වාණිජ කටයුතු සඳහා වෙන් කෙරේ. ව්‍යාපෘතියේ පිරිවැය රු. 1,850,000,000.00 වන අතර රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් විසින් තීරණය කරන ලද 30 අවුරුදු බදු වටිනාකම රු. 675,500,000.00 ක් වේ.