පසුගිය දිනවල සිදුවූ කැස්බෑ, තල්මස්, ඩොල්පින් ඇතුලු මුහුදු ජීවීන්ගේ මරණවලට හේතුව ගිනිගත් එක්සප‍්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත්වු රසායන ද්‍රව්‍ය නිසා බව විද්වතුන් 39 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් වාර්තාව ඉදිරිපත්කර ඇති බව සෝභිත හිමියෝ පවසයි

ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවා

වෙරළට ගොඩගැසූ මුහුදු ජීවින්ගේ මළසිරුරුවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මුහුදේ ඇති බවට විශ්වස කළ හැකියැයි කී සෝභිත හිමියන් ඒ ගැන සොයා බලන්න කිමිදුම්කරුවන් යෙදවීමට නොහැති ලෙස මුහුද දූෂණය වී ඇති බවද සඳහන් කළහ.

කැලේ ආරක්‍ෂා කරන්න සිටින අය කැලෑ විනාශ කරනවිට, ඉඩම් රකින්න ඉන්න අය ඉඩම් විනාශ කරනවිට, මහා භාණ්ඩාගාරය රකින්න ඉන්න එය එය කොල්ලකන විට කාට පවසම් ඒ අමාරුව යැයි කී සෝභිත හිමි රටට මහ විනාශයක් කළ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදදුවුණ මහ විපත සම්බන්‍ධයෙන් වගකිවයුතු සියලු දෙනාට දඩුවම් දියයුතු බවද කීහ.

ඒ අතර විද්වත් වර්තා සහ තොරතුරු නොමග යවමින් එක්ස්පස් පර්ල් නෞකාවේ පැත්ත අරං ඊට පක්‍ෂව කතාකරන නාලක ගොඩහේවා වැනි අයට දඩුවම් දියයුතු බව ද සෝභිත හිමියෝ කීහ. වගකිම් පැහැර හැර ඇති රාජ්‍ය අමති නාලක ගොඩහේවා සත්‍ය වශයෙන් ම සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුයැයිද සෝභිත හිමියෝ මෙහිදී දැඩි ලෙස අවධාරණය කළහ.