රත්ගම මලිදූව චීන පිට්ටනිය ප්රදේශයේදී හිසට වෙ|ඩි තබා ඝාතනය කර තිබියදී සොයා ගත් පුද්ගලයා යුද හමුදාවේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකු බව හඳුනාගෙන තිබේ. ඔහු ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බවද සඳහන් වේ.
මෙම ඝා|තනය සිදු කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන කරන්දෙණිය සුද්දා නමැත්තා විසින් බවට පොලිසිය සැක පළ කරන බව වාර්තා වේ.
මෙම පුද්ගලයා 2025 සැප්තැම්බර් 11 වැනිදා ගණේමුල්ල සංජීව ඝා|තන සිද්ධියට ගිනි අවියක් සහ උණ්ඩ ලබා දීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි. ඉන් අනතුරුව ඔහු පසුගිය 3 වැනිදා ඇප මත පැමිණ ඇති අතර, ඇප ලබා සති තුනකට පසු 2026 නොවැම්බර් 26 වැනිදා පෙරවරුවේ ඔහු ඝාතනයට ලක්ව සිරුර සොයා ගැනුණි.
මූලික විමර්ශනවලදී මෙම ඝාතනය මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති බව අනාවරණය වී ඇති අතර, මියගිය පුද්ගලයාගේ බිරිඳගෙන් මේ වන විට ප්රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය පැවසීය.


