ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.75ක් දක්වා සියයට 1.58කින් පහළ ගොස් තිබේ. එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.14ක් දක්වා සියයට 1.38කින් පහත වැටී ඇත.

මේ අතර Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.99ක් දක්වා සියයට 4.82කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.