යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි. අද (19) උදෑසන නිකුත් කළ නවතම වාර්තාවට අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පැමිණ තිබේ.
ඒ අනුව, අද (19) පෙරවරු 7.05 වන විට බත්තරමුල්ලෙන් 179ක්, හලාවතින් 165ක්, කිලිනොච්චියෙන් 158ක්, අනුරාධපුරයෙන් 158ක් සහ ත්‍රිකුණාමලයෙන් 151ක් ලෙස වායු ගුණාත්මක දර්ශක අගයන් වාර්තා වී ඇති බව සඳහන් වේ.
මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පැවතීම හේතුවෙන් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි. ඒ අනුව, අදාළ ප්‍රදේශවල ස්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින්ට KN95 වර්ගයේ මුඛ ආවරණ පැලඳීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර ඇති අතර, එළිමහනේ සිටීමෙන් වළකින ලෙසද දැනුම් දී තිබේ.
