අතිශය ජනප්‍රිය අපේක්ෂිත Grand Theft Auto VI (GTA VI) වීඩියෝ ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වීමටත් පෙර එය බාගත කර ගැනීමට ලොව පුරා ක්‍රීඩකයින් විශාල වශයෙන් එක්වීමත් සමඟ අන්තර්ජාල දත්ත ගමනාගමනයේ වාර්තා බිඳ වැටී ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රීඩාව කලින් මිලදී ගත් පරිශීලකයින්ට නිකුත් වන දිනයේදීම ක්‍රීඩා කිරීමේ පහසුකම සැලසීම සඳහා සතියකට පෙර සිට පෙරගත කර ගැනීමේ (Pre-load) අවස්ථාව ලබා දී තිබූ අතර, එහි සම්පූර්ණ ගොනු ප්‍රමාණය ගිගාබයිට් 212ක් වැනි විශාල අගයක් ගනියි.
යාන්ත්රණයට අනුව PlayStation 5 පරිශීලකයින් සඳහා නොවැම්බර් 10 වන දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම පහසුකම විවෘත වූ අතර, Xbox පරිශීලකයින්ට ඊට පෙර නොවැම්බර් 9 වැනි දින පස්වරු 7 සිට ක්‍රීඩාව බාගත කර ගැනීමට අවස්ථාව හිමිවුණි. අමෙරිකාවේ ප්‍රධාන පෙළේ අන්තර්ජාල සේවා සපයන Comcast සමාගම පවසන්නේ, බාගත කිරීම් ආරම්භ වී ගතවූ පළමු පැය 48 තුළ GTA VI තම ජාල ඉතිහාසයේ විශාලතම තනි සිදුවීමට අදාළ දත්ත ගමනාගමනය වාර්තා කළ බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ පැය 48 තුළදී සමාගමේ වැඩිම දත්ත ගමනාගමනයක් වාර්තා වූ ඉහළම දින 10 අතරට දින දෙකක් ද එක්ව තිබේ. මීට පෙර අමෙරිකානු පාපන්දු තරගාවලියේ ප්‍රධාන තරග සහ Call of Duty මෙන්ම Fortnite වැනි ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා බාගත කිරීම් නිසා ජාලයේ දත්ත ගමනාගමනය ඉහළ ගොස් තිබුණද, ඒ කිසිවක් GTA VI බාගත කිරීම හේතුවෙන් ඇති වූ දැවැන්ත දත්ත ගමනාගමනයට සමීප නොවූ බව Yahoo පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා වේ.
