අතිශය අපේක්ෂිත Grand Theft Auto 6 (GTA VI) වීඩියෝ ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වීමටත් පෙර පෙර ඇණවුම් (Pre-orders) මිලියන 16ක් අලෙවි කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 1.54ක දැවැන්ත ආදායමක් උපයාගෙන ඇති බව වාර්තා වේ. ඉන්දියා ටීවී නිව්ස් (India TV news) පුවත් සේවය පෙන්වා දෙන ආකාරයට, මෙම ප්‍රමාණය විනෝදාස්වාද ක්ෂේත්රයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ආරම්භක ආදායම ලෙස සැලකෙන Avengers: Endgame චිත්‍රපටය උපයාගත් ඩොලර් බිලියන 1.23ක ආදායම් වාර්තාවද අභිබවා ගොස් තිබේ.
ක්‍රීඩාව වෙළඳපොළට නිකුත් වීමට බොහෝ කාලයකට පෙර ක්‍රීඩකයින්ගෙන් ලැබුණු මෙම පෙර ඇණවුම් හරහා විනෝදාස්වාද ඉතිහාසයේ පෙර නොවූ විරූ මූල්‍යමය සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට GTA VI සමත්ව ඇත. කර්මාන්තයේ විශ්ලේෂකයින් සඳහන් කරන්නේ ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වීමත් සමඟ මෙම විකුණුම් හා ආදායම් වාර්තා තවත් ඉහළ යනු ඇති බවයි.

