මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 02 ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
වසර 20 ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව, ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත මෙගාවොට් 50 බැගින් වන සුළං බලාගාර 02 ක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ උනන්දුවක් දක්වන සංවර්ධකයින් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමට 2025 පෙබරවාරි 10 වැනි දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව, ව්‍යාපෘති යෝජකයින් හත්දෙනෙකු ඒ සඳහා සිය යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර, එම යෝජනා ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබු නිර්දේශය මත පදනම්ව, Consortium of Vidullanka PLC & David Pieris Motor Company (Lanka) Limited වෙත සහ Wind Force PLC වෙත එකී මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර පහසුකම් දෙක ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර ඇත.






