2026 වසර සඳහා පරිපූර්ණ වූ අයවැයක් ජනාධිපති විසින් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව, සංවර්ධනය මෙන්ම, මෙතෙක් කාලයක් ප්රතිලාභ අහිමි වූ සමාජ කොටස් සියල්ලටම මෙවර අයවැය මඟින් අවධානය යොමු කර ඇති බව අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
මෙතෙක් කාලයක් රටේ පැවති හොරකම, දූෂණය, වංචාව නතර කර, මුදල් ඉතිරි කර ගැනීම පමණක් නොව, රජය විසින් ණය සීමාව ද අඩු කර ගැනීමට සමත්ව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
බදු පැනවීමකින් තොරව රට කරවන ආකාරය මෙවර අයවැය තුළින් ද ජාතික ජන බලවේගය පෙන්නුම් කළ බව ඔහු ප්‍රකාශ කර සිටියා.






