GovPay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයේ දෙවැනි අදියර ලෙස, ‘අකුසලතා ලකුණු ක්‍රමවේදය’ ලබන වසරේ සිට හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසනවා.

ඒ සඳහා ආයතන රැසක් සම්බන්ධ කිරීමට තිබෙන අතර එයට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ අකුසලතා ලකුණු ක්‍රමවේදයේදී, ලකුණු 24 ක් එක් රියදුරකුට හිමි වන අතර, ඔහු සිදු කරන වැරදි අනුව එය අඩුවීම සිදු වන බව සහ ලකුණු අඩුවන ආකාරයෙන් දඬුවම් නියම වන බවයි එහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් රථවාහන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර සඳහන් කළේ.