පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බව සහ එය පිටුපස ඉන්දියාව සිටින බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍යයක් බව ශ්‍රී ලංකා පොලීසය ප්‍රකාශ කරයි.

ඒ අනුව, 2025.10.08 වැනි දින රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී, පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට තමා කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් සඳහන් කර තිබේ.

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ද පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවද ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.