පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර්.
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන කුමන්ත්‍රණකරු හඳුනාගෙන ඇති බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් සිය X ගිණුමේ සටහනක් තබා තිබුනේය.
පාර්ලිමේන්තු උසස් තනතුරු පිළිබඳ කමිටුව ඉදිරියේ තමන් විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවී සෙනෙවිරත්න මේ බව හෙළි කළ බවට, පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් කළ සදහන වැරදි බව අද පාර්ලිමේන්තුවේදි අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
එමෙන්ම ඔහු විසින් සාමාජ මාධ්‍යයේ එවැනි සටහනක් තැබීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.






