සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී, සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා සමඟ හමුවකට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ එක් වීමි.
සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මත මෙරට ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ අතර, ප්රමුඛ රාජ්‍ය සේවා වඩා ශක්තිමත්ව සහ කාර්යක්ෂමව සිදු කරගෙන යාමේදී වැදගත් වන ඩිජිටල්කරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට එම අරමුදලේ එකඟතාව පළ කෙරිණි.
සෞදි සංවර්ධන අරමුදලෙන් නව ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර, ජනතා අවශ්‍යතාවල ප්‍රමුඛතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරාලීමට යොදවන බව මෙහිදී ප්‍රකාශ කළෙමි.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සිහිපත් කළ මම, ආර්ථික අර්බුදය හමුවේ කොන්දේසි විරහිතව සෞදි අරාබිය ලබා දුන් සහායට කෘතඥතාවද පළ කළෙමි.
