අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විභාග ප්‍රතිඵල පමණක් පදනම්ව මැනීම වැරදි බවත්, එය වෙනස් කළ යුතු බවය.

ඇය “පංකජ සිසු සමුළුව 2025” හීදී දරුවන්ගේ සාරධර්ම සංවර්ධනයට අදාළව පැවති උත්සවයකදී මේ බව පැවසීය.

දක්ෂතා සහ නිර්මාණශීලීත්වය පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සහ මානුෂීය ගුණ සහිත, සංවේදී දරුවන් බිහිකිරීම තම අරමුණ බවද ඇය අවධාරණය කළාය.

අනාගත නායකයින් ලෙස දරුවන්ට ශක්තිය සහ ධෛර්යය දක්වමින්, හොඳ ආකල්ප සහිත සමාජයක් ගොඩනගන්න සියල්ලෝ එකට කැපවිය යුතු බවත් ඇය තවදුරටත් පවසයි.